ඉන්දියාව සමඟ වැඩ කිරීමට චීනය සූදානම්

ඉන්දීය රජය සමග වැඩ කිරීමට තම රට සූදානමින් බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් චීනයේ සිදු කළ සංචාරයේ දී චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

දෙරටේ නායකයින් අතර ඇති වැදගත් පොදු අවබෝධය ක්‍රියාවට නැංවීමට සහ හැකි ඉක්මනින් ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට දෙපාර්ශ්වය ම සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන අවශ්‍යතාවලට ගරු කිරීමේ අවශ්‍යතාව, සංවාදය සහ සන්නිවේදනය තුළින් අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, අවංකභාවයෙන් සහ යහපත් විශ්වාසයකින් වෙනස්කම් නිසි ලෙස විසඳා ගැනීමේ අවශ්‍යතාව ද බීජිං විසින් මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

දෙරට අතර විශ්වාසය යළි ගොඩනැංවීම පිළිබඳව මාධ්‍ය හමුවක දී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් ප්‍රකාශ කළේ, “චීනයේ සහ ඉන්දියාවේ නායකයන් අතර ඇති වැදගත් පොදු අවබෝධය ක්‍රියාත්මක කිරීමටත්, එකිනෙකාගේ මූලික අවශ්‍යතාවලට ගරු කිරීමටත් ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බවයි.”

ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර විශේෂ හමුවක් ඊයේ (19) බීජිං හි පැවැත්වුණා.

මෙම සාකච්ඡාවේදී චීන – ඉන්දියා දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වනවා.

2019 දෙසැම්බර් මාසයෙන් පසු මෙවැනි ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39