ඉන්දියාව සතු උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් ලංකාවේ

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් ලබන පෙබරවාරි මස 04 වනදා පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශන පෙබරවාරි 04 වනදා සිට 11 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ඉන්දීය මහ කොමසාරිස කාර්යාලය සහ මීට සම්බන්ධ අනෙකුත් අංශ එක්ව ඊයේ (16) පැවැත් වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙලෙස ඉන්දියාවේ සිට මෙරටට වැඩමකරවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳව ඉදිරියේ දී මහජනතාව දැනුම්වත් කිරීමට නියමත බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?