ඉන්දියාව සතු උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් ලංකාවේ

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් ලබන පෙබරවාරි මස 04 වනදා පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශන පෙබරවාරි 04 වනදා සිට 11 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ඉන්දීය මහ කොමසාරිස කාර්යාලය සහ මීට සම්බන්ධ අනෙකුත් අංශ එක්ව ඊයේ (16) පැවැත් වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙලෙස ඉන්දියාවේ සිට මෙරටට වැඩමකරවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳව ඉදිරියේ දී මහජනතාව දැනුම්වත් කිරීමට නියමත බව ද ඔහු පැවසුවා.

  1. අමාත්‍ය තුමාට සිංහලෙන්, ඉන්දියාවෙ තියෙනවයි කියන සර්වඥ ධාතු මොකටද අපි බලන්නෙ? ඇයි අපේ රටේ ජීවත්වුනු ගොතම බුදුක්ගෙ ධාතුන් වහන්සේලා අපිට තියෙනවානෙ. අපි එකහෙලාම කියන්නෙ ගොතම බුදුන් එදා ජීවත්වුනෙ මේ අපේ රටේ.
    මේවෙනකොට කුමණ හෝ හේතුවක් හෝ බල පෑමක් නිසා බුදුන් ජීවත්වුනෙ ඉන්දියාවෙ කියාගෙන ඉන්දියාවට විදේශිකයන් යන එන තත්වයක් හමුවේ ඉන්දියාවට සංචාරක ආදායමක් ලැබෙන තත්වයක් ඇතිවී ඇත. ඒ සංචැරක ආකර්ෂණය වැඩි කර ගැනීම වෙනුවෙන් සහ බුදුහාමුදුරුවො ඉංදියාවේම යන්න ඒත්තු ගැන්වීම සදහා මෙකී ධාතු ප්‍රදර්ශණ ඉන්දියාවේ බලපෑම උඩ සිදුවෙනවා විය හැකාය. මේක මුලාවක් සහ බොරුවක්. ඉන්දියාවට මේ අරමුණ මුලික කරගෙන සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩ කරගෙන ගියදෙන්. නමුත් ඒ මුලාවට අහුවෙපා අපේ රටේ ඇති නියම බුද්ධ ඉතිහාසික ස්තානවලට දැක්විය යුතු ගව්රවය සහ ආරක්ෂිව නොසලකා හැරීම විශාල පාපයකි. ඒ නිසා ඉන්සියාවෙ ඉලපෑම නිසා මෙවැනි ප්‍රදර්ෂණ කලත් අපේ රටේ උරුමයට අගතියක් නොකරණ ලෙස බලවත්් සේ ඉප්ලා මිටිමු.

    ——-:/:——
    දැක්ම Dakma Vlog
    teamNZSL



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28