සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (24) යි.
ඊයේ (23) දිනය ඉන්දියාව අවසන් කළේ සත්කාරක එංගලන්තයට ජයග්‍රහණය සඳහා දැවැන්ත ලකුණු 372ක ඉලක්කයක් නිර්මාණය කරමින්.
එංගලන්ත කණ්ඩායම දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 21ක් ලබාගෙන සිටියා.
ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 06ක් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් පිතිකරණය ඇරඹූ අතර, කේ.එල් රාහුල් සහ රිෂාබ් පාන්ට්ගේ විශිෂ්ට ශතක සමග කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ ගියා.
පාන්ට් ලකුණු 118කට දැවී ගිය අතර රාහුල් ලකුණු 137ක් ලබා ගත්තා.
එංගලන්තය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී බ්‍රයිඩන් කාර්ස් සහ ජොෂ් ටන්ග් කඩුලු 03 බැගින් බිඳ හෙලූ අතර, ශොයිබ් බෂීර් කඩුලු දෙකක් බිඳ හෙලුවා.
ක්‍රිස් වෝර්ක්ස් සහ ස්ටොක්ස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගය ජයග්‍රහණයට එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 350ක ඉලක්කයක් හිමි ව ඇති අතර මේ වනවිට (24) සැක් ක්‍රෝව්ලි සහ බෙන් ඩකට් පළමු කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටිනවා.















