ඉන්දියාව පරාජය කිරීමට එංගලන්තයට තවත් ලකුණු 350ක් අවශ්‍යයි

සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (24) යි.

ඊයේ (23) දිනය ඉන්දියාව අවසන් කළේ සත්කාරක එංගලන්තයට ජයග්‍රහණය සඳහා දැවැන්ත ලකුණු 372ක ඉලක්කයක් නිර්මාණය කරමින්.

එංගලන්ත කණ්ඩායම දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 21ක් ලබාගෙන සිටියා.

ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 06ක් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් පිතිකරණය ඇරඹූ අතර, කේ.එල් රාහුල් සහ රිෂාබ් පාන්ට්ගේ විශිෂ්ට ශතක සමග කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ ගියා.

පාන්ට් ලකුණු 118කට දැවී ගිය අතර රාහුල් ලකුණු 137ක් ලබා ගත්තා.

එංගලන්තය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී බ්‍රයිඩන් කාර්ස් සහ ජොෂ් ටන්ග් කඩුලු 03 බැගින් බිඳ හෙලූ අතර, ශොයිබ් බෂීර් කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ක්‍රිස් වෝර්ක්ස් සහ ස්ටොක්ස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගය ජයග්‍රහණයට එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 350ක ඉලක්කයක් හිමි ව ඇති අතර මේ වනවිට (24) සැක් ක්‍රෝව්ලි සහ බෙන් ඩකට් පළමු කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46