ඉන්දියාව තුල සමලිංගික විවාහ සඳහා අවසරය හිමිවෙයිද ? ලොවම අවධානයෙන්

විවාහ වීමට අවසර ඉල්ලා සමලිංගික යුවළක් ගොනුකර තිබෙන නඩුවක් හේතුවෙන් ජාත්‍යන්තරයේ අවධානය ඉන්දියාව වෙත යොමුවී තිබෙනවා.

ආදිති  ආනන්ද් සහ සුසෑන් ඩයස්  යන දෙදෙනා මෙම නඩුව පවරා තිබෙන අතර  විචාරකයින් පවසන්නේ බොහෝ විට මේ සඳහා සුබවාදී නඩු තීන්දුවක් ලැබෙනු ඇති බවයි.

සමලිංගිකයින් ලෙස  විවාහ වීමට නීත්‍යානුකූල අයිතිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පළමු ඉන්දියානු කණ්ඩායමට ආනන්ද් සහ සුසෑන් අයත් වනවා.

ඒ අනුව ඉන්දියාවේ පෙරළිකාර වෙනසක් කිරීමේ සංකේතයක් ලෙසයි විචාරකයින් මොවුන් දෙදෙනා හඳුන්වා දෙන්නේ. දශකයකට ආසන්න කාලයක් ඔවුන්  එකට ජීවත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගනිමින් ඒ වෙනුවෙන් සටන් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කිරීම සිදුවන්නේ එහි අවසන් ප්‍රතිඵලය ලෙසයි.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගලිකත්වය සඳහා වූ ව්‍යවස්ථානුකූල අයිතිය තහවුරු කර ඇති අතර පිරිමින් අතර ලිංගික ක්‍රියා අපරාධමය වරදක් ලෙස සැලකීමේ  යටත් විජිත යුගයේ නීතිය පෙරලා දමා සමලිංගික ජෝඩු මෙන්ම මිශ්‍ර සහ පරම්පරාගත කුටුම්භ ඇතුළත් වන කාණ්ඩයක් වන “විපරීත” පවුල් සඳහා නීතිමය ආරක්ෂාව පුළුල් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩුව මගින් පැමිණිලිකරුවන්ට සුබවාදී තීරණයක් ලැබුණහොත් එය බිලියන 1.4ක ඉන්දියානුවන් සඳහා උරුමය, දරුකමට හදා ගැනීම සහ අනෙකුත් ආරක්ෂාව තහවුරු කරනු ඇති බවටයි විශ්වාසය පළ වන්නේ.

සමලිංගික විවාහ සදහා ඇතැම් බටහිර රටවල් හැරුණු කොට ආසියානු කලාපයේ අවසර හිමි වී ඇත්තේ තායිවානයේ පමණයි.

තායිලන්තය, ග්‍රීසිය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලද මේ සම්බන්ධයෙන් වාද විවාද පවතින අතර ඒ අනුව ඔවුන් ඉන්දියාවේ මෙම නඩුව සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා.

කෙසේ වෙතත් සිංගප්පූරුව සහ හොංකොං වැනි ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථාන සමලිංගික විවාහ නීතිගත කිරීමේ ඉල්ලීම්වලට විරුද්ධ වීම ඉන්දියාවට  යම් බලපෑමක් විය හැකි බවට ද මත පළ වනවා.

විචාරකයින් පෙන්වා දෙන්නේ  මෙම ප්‍රශ්නය, මේ වසරේ G20 කණ්ඩායමේ සමුළුවට සත්කාරකත්වය සපයන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට, ඔහුගේ ආන්ඩුවේ අඳුරු මානව හිමිකම් වාර්තාව පිලිබඳ විවේචන ප්‍රතික්ෂේප කිරීම සඳහා කිසියම් සහනයක් වනු ඇති බවයි.

පාලක භාරතීය ජනතා පක්ෂය මීට පෙර ජනගහනයෙන් වැඩි පිරිසකට අදාළ වන හින්දු විවාහ පනත පුළුල් කිරීමට විරුද්ධ වූ නමුත් මෝඩිගේ රජය වත්මන් අභියෝගය සම්බන්ධයෙන් මෙතෙක්  සිටින්නේ නිහඬ පිලිවෙතකයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ පර්යේෂකයෙකු වන කයිල් නයිට් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සමලිංගික විවාහ සඳහා අවසරය හිමිවන නඩු තීන්දුවක් ලැබුණහොත් එය ගෝලීය වශයෙන් සමලිංගික සබඳතා හඳුනා ගැනීම සඳහා දැවැන්ත තල්ලුවක් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47