ඉන්දියාව ඊශ්‍රායලයට යුද උපකරණ අපනයනය කරන බවට හෙළිවෙයි

ඉන්දියාව ඊශ්‍රායලයට රොකට්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ‍යුද උපකරණ අපනයනය කරන බව හෙළි වී ඇතැයි අල්ජසීරා වාර්තාවක් පෙන්වා දෙනවා.

පලස්තීන ආක්‍රමණයට එරෙහි සහයෝගීතා ජාලය විසින් නිල නොවන ලෙස ලබාගත් ලේඛනවල සටහන් ව ඇති හඳුනාගැනීමේ කේත අනුව ඉන්දියාව ඊශ්‍රායලයට රොකට් එන්ජින්, පිපිරුම් හිස් සහිත රොකට්, කාලතුවක්කු උන්ඩ මෙලෙස අපනයනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ වසරේ මැයි 15 වන ස්පාඤ්ඤ කාටජිනා වරායට ඇතුළු වීමට සැලසුම් කළ ඉන්දීය භාන්ඩ ප්‍රවාහන නෞකාවකට ඒ සඳහා ඉඩ නොදෙන ලෙස එම වරාය ඉදිරියේ විරෝධතාවක් දැක්වුණා.

ඒ බෝර්කුම් නමැති මේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව වරායට ඇතුළු කර නොගන්න ලෙසත් ඊශ්‍රායලයට ආයුධ රැගෙන යන බවට ඇති සැකය මත නෞකාව පරීක්ෂා කරන ලෙසත් බල කරමින්.

මේ අතර යුරෝපීය පාර්ලිමේන්තුවේ වාමාංශික මන්ත්‍රීවරු නව දෙනෙක් ස්පාඤ්ඤ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් වෙත ලිපියක් යවා එම නෞකාව ස්පාඤ්ඤ මුහුදු සීමාවෙන් පිටවීම වළක්වන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව තීරණයක් ගැනීමට පෙර, බෝර්කුම් නෞකාව සැලසුම් කර තිබූ කාටජිනා වරාය නැවතුම අවලංගු කර ස්ලෝවේනියානු කොපර් වරායට කරා පිටත් වී තිබෙනවා.

මේ වන විට අල් ජසීරා වෙත ලැබී ඇති රහස්‍ය ලේඛනවලට අනුව, එම නෞකාවේ ඉන්දියාවේ දී නැව්ගත කළ පුපුරණ ද්‍රව්‍ය අඩංගු වූ අතර එය ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරාය වෙත ගමන් කරමින් තිබුණා.

නෞකා ලුහුබැඳීමේ අඩවි පෙන්නුම් කරන ආකාරයට අප්‍රේල් 2 වන ඉන්දියාවේ චෙන්නායි නුවරින් පිටත් වූ මේ නෞකාව රතු මුහුද මගහැර අප්‍රිකාව වටා ගොස් ඊශ්‍රායලයට ළඟා වී තිබෙනවා.

බෝර්කුම් නෞකාවේ අඩංගු භාණ්ඩ තොග පිළිබඳ ලේඛනවල දක්වා ඇති හඳුනාගැනීමේ කේත අනුව එහි රොකට් එන්ජින් ටොන් 20 ක්, පිපිරුම් හිස් සහිත රොකට් ටොන් 12.5 ක්, කාලතුවක්කු සඳහා භාවිතා කෙරෙණ පිපිරුම් මූලද්‍රවය කිලෝග්‍රෑම් 740 ක් ද මීට ඇතුළත්.

කෙසේ වෙතත් බෝර්කුම් නෞකාව අයත් ජර්මානු සමාගමේ ප්‍රකාශකයෙකු කියා එහි කිසිදු ආයුධයක් හෝ වෙනත් යුද භාණ්ඩ පටවා නොතිබූ බවයි.

මේ අතර ටොන් 27ක පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ඊශ්‍රායලයේ හයිෆා වරාය වෙත ගමන් කරමින් සිටි මැරීන් ඩනිකා නමැති තවත් ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට කාර්ටජිනා වරායට ඇතුළුවීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ බව ස්පාඤ්ඤ පුවත්පතක් වන එල් පායිස් වාර්තා කළා.

මේ අතර ජූනි 6දා, ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරේ එක්සත් ජාතීන්ගේ නවාතැනකට ඊශ්‍රායලය බෝම්බ හෙලීමෙන් පසුව, කුඩ්ස් පුවත් ජාලය විසින් ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා විසින් හෙලන ලද මිසයිලයක කොටස් පිළිබඳ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ එය ඉන්දියාවේ නිශ්පාදනය කරන ලද්දක් බවයි.

කෙසේ වෙතත් ඉන්දියානු ආයුධ නිපදවන සමාගමක් වන Premier Explosives සමාගම විසින් ඊශ්‍රායලයේ නිශ්පාදනය කරණ කෙටි දුර සහ දිගු දුර මිසයිල සඳහා ඝන ආවරණ නිෂ්පාදනය කරණ බවත් ඒවා ඊශ්‍රායලයට අපනයනය කරන බවත් එම සමාගමේ විධායක අධ්‍යක්ෂ, ටී චෞදරි විසින් පිළිගෙන තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ ඊශ්‍රායලයේ අවශ්‍යතාව සැපිරීම සඳහා තමන් දිවා රෑ වෙහෙස වී නිශ්පාදන කටයුතු සිදු කරන බවයි.

ඊට අමතරව ප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයකු වන අධානී සමූහයට අයත් ආයුධ නිෂ්පාදන සමාගමක් ද ඊශ්‍රායලය සමග එක්ව අඩි 30,000 ක උන්නතාංශයක පැය 36 ක් දක්වා පියාසර කළ හැකි හර්මීස් නමැති ඩ්‍රෝන යානා ද නිෂ්පාදනය කරනවා.

අගමැති මෝදී පාලනය යටතේ ඉන්දීය ඊශ්‍රායල සබඳතා තව තවත් ශක්තිමත් වී ඇති අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසා සිටියේ ඉන්දියානුවන් ත්‍රස්තවාදයේ විශාල ගොදුරක් වී ඇති බැවින් ත්‍රස්තවාදයට ගොදුරු ව ඇති ඊශ්‍රායලයට අනුකම්පා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08