ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 200ක සුපර්සොනික් කෲස් මිසයිල ඉන්දුනීසියාවට අලෙවි කිරීමට සැරසෙයි

ඉන්දියාව කේන්ද්‍ර කරගත් ආරක්ෂක සමාගමක් වන බ්‍රහ්මෝස් එරෝස්පේස් (BrahMos Aerospace ) මෙම වසර ඇතුළත ඉන්දුනීසියාව වෙත ඇමරිකානු ඩොලර් මිලියන 200ක සුපර්සොනික් කෲස් මිසයිල අලෙවි කිරීමට සූදානම් වනවා.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අතුල් ඩී. රනේ පවසන්නේ එමගින් තම සමාගම අග්නිදිග ආසියාව තුළ සිය පැවැත්ම පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.

බ්‍රහ්මෝස් එරෝස්පේස් යනු ඉන්දියාව සහ රුසියාව අතර හවුල් ව්‍යාපාරයක් වන අතර එහි පළමු විදේශ ගනුදෙනුව ලෙස පසුගිය වසරේදී  ඇමරිකානු ඩොලර් මිලියන 375 ක නැව් නාශක මිසයිල පිලිපීනය වෙත ලබා දී තිබුණා.
ඒ අක්⁣ වෙරළ මත පදනම් වූ ආරක්ෂක අපනයන ත්‍රිත්ව කිරීමේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අභිලාෂයට පිටිවහලක් වෙමින්.

බ්‍රහ්මෝස් එරෝස්පේස් සමාගම ඉන්දුනීසියාව සමඟ දීර්ඝ  සාකච්ඡා පවත්වා තිබුණද වියහැකි ගනුදෙනුවක ප්‍රමාණය සහ කාලසීමාව පිළිබඳ  තොරතුරු හෙළි කර නැහැ.

කෙසේ වෙතත් බ්‍රහ්මෝස් එරෝස්පේස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අතුල් ඩී. රනේ පැවසුවේ ඉන්දුනීසියාව  සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 200 සිට 350 දක්වා වටිනාකමකින් යුතු ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.
ඒ යටතේ වෙරළ පදනම් කරගත් මිසයිල සහ යුද නැව්වල සවි කළ හැකි උපාංග  පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා.

රනේ පැවසුවේ ඉන්දුනීසියාවේ ආරක්ෂක හමුදා මෙ⁣ම කටයුත්ත සම්බන්ධයෙන් අතිශයින්ම උනන්දුවෙන් පසුවන බවයි.
දකුණු චීන මුහුදේ සහ ඒ අවට සමහර ප්‍රදේශවල ඉහළ යමින් තිබෙන චීන සමුද්‍ර පැවැත්මට ප්‍රතිචාර වශයෙන් ඉන්දුනීසියාව සහ පිලිපීනය ආයුධ සහ අනෙකුත් යුධ උපකරණ මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ වියදම් වැඩි කර ඇති බව ආරක්ෂක ඔත්තු සේවා සමාගමක් වන ජේන්ස් හි  දත්ත  පෙන්වා දෙනවා.

නව ආයුධ අත්පත් කර ගැනීම සඳහා ඉන්දුනීසියාවේ ආයෝජනයනු වර්ධනය වී ඇත්තේ 2021 දී සියයට 28 කින් සහ 2022 දී සියයට 69 කින් ලෙසයි.පිලිපීනය ද 2021 දී සියයට 29 කින් සහ 2022 දී සියයට 40 කින් සිය ආරක්ෂක ආයෝජන ඉහළ නංවා තිබුණා.

එය අග්නිදිග ආසියාවේ සාමාන්‍යයට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක්.චීනය සමඟ ඇති භෞමික ආරවුල් බොහෝ අග්නිදිග ආසියාතික රටවලට ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්  ආරක්ෂක අයවැය මෙහෙයවන ප්‍රධාන සාධකය වී ඇති බවයි  GlobalData හි අභ්‍යවකාශ සහ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන ආකාශ් ප්‍රතීම්  පවසන්නේ.

අග්නිදිග ආසියාවේ නව ආරක්ෂක මිලදී ගැනීම් බොහොමයක් පැමිණෙන්නේ එක්සත් ජනපදය, ප්‍රංශය සහ රුසියාව ඇතුළු සාම්ප්‍රදායික සැපයුම්කරුවන්ගෙන්.නමුත් ලොව විශාලතම ආරක්ෂක ආනයනකරු වන ඉන්දියාව සහ බ්‍රහ්මෝස් සමාගම මේ වනවිට එම ක්ෂේත්‍රයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35