උමංදාවේ සැමරුණු උපන්දාවකට එකට ගිය හිටපු ජනපති දෙපොළ (ඡායාරූප)

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නායකයින් කුරුණෑගල – මැල්සිරිපුර පිහිටි උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමට ගොස් තිබෙනවා.

අද (24) පෙරවරුවේ මෙම සංචාරයට හිටපු ජනාධිපතිවරුන් සමග ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

උමංදාව විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සමන්ත භද්‍ර හිමිපාණන්ගේ 50 වැනි ජන්ම දිනයට සමගාමී ව පැවති විශේෂ දානමය පිංකමකට එක්වීමටයි හිටපු රාජ්‍ය නායකයින් දෙපළ මෙලෙස එක් ව ඇත්තේ.

මෙම ජන්ම දින පිංකමට සමගාමීව අද දිනයේ 500 දෙනෙක් සඳහා ඇස් කණ්නාඩි ලබාදීම ද, මහා සංඝයා වහන්සේ විෂයෙහි ලා මහා දානයක් ද, පැමිණි සියලු දෙනාට දිවා ආහාරය ද ලබාදීමට කටයුතු සිදු කෙරුණා.

481188908 1051585347008242 6246053306765319769 n
480874173 1051586093674834 8162632492527721200 n
480709508 1051586547008122 1586489327730381105 n
  1. උමංදාවෙ විකුණන්න තියෙන්නෙ කල් ඉකුත්වෙන්න ලං වුණ බෝතල් සහ පැකට් කරපු ආහාර ද්‍රව්‍යය. පලතුරු බීම සහ අයිස් පොප්සිකල් පරණ රහයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11