ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට මූලික වටයේ සාකච්ඡා

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් පැවැත් වූ අතර ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සහභාගි වූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද (24) ඒ බව සඳහන් කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

“මෙම අභිචෝදක කාර්යාලය ආරම්භ කිරීම, පවත්වා ගෙන යාම පිළිබදව පුළුල්ව සාකච්ඡාවක් පැවැත්වුවා. මූලිකව මේ සාකච්ඡාව පැවැත්වුයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලබා ගෙන නොවෙයි. මෙය මූලික සාකච්ඡා වටයක් පමණයි. මේ සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසත්, අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා නිල වශයෙන් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසත්, ලේකම්තුමියටත් නීති අංශයටත් මා උපදෙස් ලබා දුන්නා. අභිචෝදක කාර්යාලය පිහිටුවන්නේ කෙසේද ? ඔවුන්ගේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද? එයට අවශ්‍ය මානව සම්පත් සහ තාක්ෂණ සම්පත් ලබාගන්නේ කෙසේද ? යනාදී සියලු කරුණු පිළිබඳ ව තවදුරටත් සාකච්ඡා කරනවා. මෙහි අවසාන අරමුණ වන්නේ නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමයි. එමෙන්ම මේ සඳහා සුදුසු අවස්ථාවකදී මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් විමසීමට අපි කටයුතු කරනවා. අපි මෙය ඉතා ඉක්මනින් විවෘත කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ස්වාධින අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීමේ පොරොන්දුව ඉතා ඉක්මනින් ඉටු කර ගත හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14