කොටහේනේ වෙඩික්කරුවන් ආයුධ පෙන්වන්න රැගෙන ගිය සිද්ධිය ගැන තොරතුරු රැසක් එළියට (වීඩියෝ)

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකරුවන් ජීවිතක්ෂයට පත්වීම ගැන පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් දෙදෙනා සඟවා ඇති ආයුධ සම්බධයෙන් අනාවරණයක් සිදුකර ඇති බවයි.

එම අනාවරණය මත සඟවා ඇති ආයුධ සොයා ගැනීමට සැකකරුවන් මට්ටක්කුලිය – කාක දූපත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා නොසන්සුකාරීව හැසිරී කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී ආරක්ෂාවන් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුගේ පාදයකට වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එම වෙඩි තැබීමෙන් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ එම සැකකරුවන් දෙදෙනා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගිය සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 32 යන වයස්වල පසුවන පිළියන්දල සහ මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මින් 32 හැවිරිදි වියේ පසු වූ සැකකරු; වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇති අතර, ඔහු 2015 වසරේ යුද හමුදාවෙන් ඉවත් වූ අයෙක් බවටයි හෙළිව ඇත්තේ.

මොවුන් දෙදෙනා විසින් ඊයේ (21) රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලක් තුළ දී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂය පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂය පත් වුණේ 38 හැවිරිදි වියේ පසු වූ සිවලිංගම් සශිකුමාර් නැමැති පුද්ගලයෙක්.

මෙම වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා පළාගිය යතුරුපැදිය පසුපස හඹාගෙන පොලිසිය ඝාතනය සඳහා යොදාගත් T56 වර්ගයේ ගිනි අවිය ද සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13