පොලිස් අණ නොතකා වාහනේ රිවර්ස් ගිය සැකකරුට එරෙහිව නියෝගයක් (වීඩියෝ)

මාලඹේ – හෝකන්දර, විස්කම් මාවත අසල දී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේ දී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (24) අවසර ලබා දුන්නා.

මාලඹේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ගම්පහ දෙල්ගොඩ පදිංචි හර්ෂ කසුන් නමැති සැකකරුවෙකු මෙසේ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීමටයි අවසර ලබා දුන්නේ.

මාලඹේ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ දැරීමේ දී රථයට වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ජයවර්ධන හා දසුන් පෙරේරා මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සිය සේවාදායකයා පලා යාමට නොව පොලිස් අණ පරිදි පොලිස් නිලධාරීන් සිටින තැනට පසුපසට ධාවනය කිරීමේ දී පොලිසිය මගින් ඉදිරිපස රෝදයකට වෙඩි තබා ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22