ONMAX DT පිරමීඩ් මූල්‍ය වංචාවේ වෙබ් අඩවි නිර්මාතෘ රතු වරෙන්තු සමගින් දිවයිනට

ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ ONMAX DT තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හා එය ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (21) පෙරවරුවේ ඩුබායි සිට ගුවන් මගීන් මෙරටට ගෙන ආවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඉහත චෝදනා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ බවයි.

සැකකරු අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටියදී ඔහු 2023 වර්ෂයේ දී විදේශගත වී තිබෙනවා.

වෑකයලාගේ ගයාන් චාමර වික්‍රමතිලක නමැති 33 හැවිරිදි අයෙක් මෙලෙස අත් අඩංගුවට ගැනුණා.

ඔහු මෘදුකාංග ඉංජිනේරු ශිල්පියෙකු වන අතර හෙතෙම පන්නිපිටිය – රුක්මලේ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01