ඉන්දියාවේ සිදුවන බව කියන භූ කම්පනය ගැන දැනුම්දීමක්

ඉන්දියාවේ නුදුරේ දී භූ කම්පනයක් සිදු විය හැකි බවට වන උපකල්පන බැහැර කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ ඒකක 8ක පමණ ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් ඇති වන බවටයි භූගර්භ විද්‍යාඥයින් ඊයේ අනතුරු අඟවා තිබුණේ.

එහි බලපෑම කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවලට ද ඇති වන බවට ප්‍රකාශ වී තිබෙනවා.

එහෙත් මෙවැනි භූ කම්පනයක් පිළිබද කල්තියා උපක්පනය කළ නොහැකි බවයි භූ විද්‍යා සමීක්ෂ හා පතල් කාර්යාංශය පවසන්නේ.

ඒ හේතුවෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දියාවේ ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ (NGRI) ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන්. පූර්ණචන්ද්‍ර රාඕ අනතුරු අඟවා තිබුණේ නුදුරු අනාගතයේ දී ඉන්දියාවේ විශාල පරිමාණයේ භූමිකම්පාවක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.

ඉන්දියානු භූ තලය වසරකට සෙන්ටිමීටර පහක් පමණ චලනය වන බවත් එමගින් හිමාලය ආශ්‍රිතව උත්තරකාන්ද් ප්‍රාන්තයේ භූමිකම්පාවක් ඇති විය හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

හිමාලය ප්‍රදේශයට බලපෑම් එල්ල කළ හැකි බවට පුරෝකථනය කර ඇති භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 8ක් විය හැකි බවට ද විද්‍යාඥයින් සඳහන් කර තිබෙනවා.

විද්‍යාඥයින්ගේ පුරෝකථනය සත්‍ය වුවහොත් එය ශ්‍රී ලංකාවට ද අවධානමක් ගෙන දිය හැකි බවයි ඔවුන්ගේ මතය වන්නේ.

මීට වසර දෙකකට පෙර හිමාලය ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපාංක 5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය ද කොළඹ ප්‍රදේශයට දැනී තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ යුරේෂියානු තලය සහ ඉන්දු ඔස්ට්‍රේලියානු භූ තලය ගැටෙන ප්‍රදේශයේ පිහිටා ඇති හිමාලය ආශ්‍රිතව ඕනෑම අවස්ථාවක භූ කම්පනයක් සිදුවිය හැකි බවයි.

කෙසේවෙතත් එමගින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවිය හැකි වන්නේ අදාළ භූ කම්පනයේ ප්‍රබලත්වය මත බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ඉන්දීය භූ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති ආකාරයට රික්ටර් මාපකයේ ඒකක 8ක පමණ භූ කම්පනයක් සිදුවුව හොත් එය අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවට ද දැනෙන බව අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

මීට වසර 2කට පමණ පෙර හිමාල ප්‍රදේශයේ සිදුවූ කම්පනය කොළඹ ප්‍රදේශයට තදින් දැනී තිබු බව සිහිපත් කළ මහාචාර්යවරයා කියාසිටියේ මෙවර අනාවැකි පළ කර ඇති ආකාරයේ කම්පනයක් සිදුවුව හොත් එය කොළඹට පමණක් නොව යාපනය ද ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැනෙනු ඇති බවයි.

පෘථිවි අභ්‍යන්තරයේ ශක්තිය මුදා හැරීම් සමග සිදුවන මෙවැනි භූ කම්පන දැනෙන විශේෂ තල මායිම් ද පිහිටා තිබෙනවා.

එම තල මායිම් හරහා අදාළ ශක්තිය මුදා හැරීම් පොළොව මතුපිටට පැමිණෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එම කම්පන කුමන තල මායිමක සිදුවන්නේ ද යන්න තීරණය වන්නේ ශක්ති මුදා හැරීම පෘථිවි පෘෂ්ඨයට කොපමණ දුරකින් සිදුවන්නේ ද යන්න මත බව ඔහු සඳහන් කරනවා.

රික්ටර් මාපකයේ ඒකක 8කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය ඉතා ප්‍රබල එකක් වන අතර එමගින් ශ්‍රී ලංකාවට ද දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවටයි මතය වන්නේ.

එය මීට වසර 2කට පමණ පෙර උත්තර්කාන්ද් ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනය මෙන් සිය ගුණයක පමණ ප්‍රබලත්වයකින් යුක්ත එකක් වන අතර එමගින් ශ්‍රී ලංකාවට දැනෙන බලපෑම ද සිය ගුණයකින් වැඩි වනු ඇති බව අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

කෙසේවෙතත් එවැනි කම්පනයක් සිදුවනු ඇත්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර අවධානයෙන් පසුවීම සුදුසු බවයි ඔහු කියාසිටියේ.

පොළොව අභ්‍යන්තරයේ සිදුවන භූ කම්පනවලින් කිසිදු ආකාරයකින් මිනිසුන්ට හානියක් නොවන අතර හානි සිදුවන්නේ ගොඩනැගිලි කඩා වැටීම හමුවේ ඊට යටවීමෙන් බව ඔහු පෙන්වා දෙනවා.

එබැවින් භූ කම්පනයකදී තැනිතලා භූමියකට ගමන් කර ආරක්ෂිතව සිටීම වැදගත් බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47