ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්වන ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී නමැති සැකකරු කටුනායක ගුවන්තොටුපොළින් පිටතට රැගෙනවිත් තිබෙනවා.
ඒ, අනුව පොඩි ලැසී වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු පොඩි ලැසී අද (27) අලුයම 05.55ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



