ඉන්දියාවේ විශිෂ්ඨතම ළමයා ලෙස වෛභව් සූර්යවංශිට සම්මානයක්

වෛභව් සූර්යවංශි යනු තවමත් වයස අවුරුදු 14ක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුවත් මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර ඔහු සම්බන්ධයෙන් විශාල කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

එලෙස වීමට හේතුව, වයස අවුරුදු 14ක කුඩා ක්‍රීඩකයෙක්ට කෙසේ වුවත්, පරිණත ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පවා කළ නොහැකි අන්දමේ විශිෂ්ඨ දස්කම් සූර්යවංශි මේ වන විට ක්‍රිකට් පිටියේ පෙන්වා තිබීමයි.

පසුගිය සිකුරාදා (24) දින ඉන්දියාවේදී List A තරගයක් ක්‍රීඩාකළ සූර්යවංශි පන්දු 84ක් පමණක් වැය කරමින් ලකුණු 190ක් රැස්කර ගත් අතර, List A තරගයකදී ශතකයක් ලබාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්වුණා.

එමෙන්ම නිමාවට පත්වූ යෞවන ආසියානු කුසලානයේ දී මෙන්ම 2025 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දී වාර්තා රැසක් පිහිට වූ සූර්යවංශි ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවදානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ අනුව එලෙස ලොව තරුවක් බවට පත්ව සිටින වෛභව් සූර්යවංශි අද (26) ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ අතින්, ඉන්දියාවේ ඉහළම සිවිල් ළමා සම්මානය වන ප්‍රධාන අමාත්‍ය රාෂ්ට්‍රීය බල් පුරස්කාර් සම්මානය ලබා ගත්තා.

සම්මානය පිරිනැමීමෙන් අනතුරව, ජනාධිපති ද්‍රෞපදී මුර්මු සිය කතාවේදී වෛභව් සූර්යවංශිට ප්‍රශංසා කර තිබෙනවා.

“වෛභව් සූර්යවංශි ඉතා තරඟකාරී සහ බහු-දක්ෂ ක්‍රිකට් ලෝකයේ ඔහුගේ සලකුණ තබා තිබෙනවා. ඔහු බොහෝ වාර්තා පිහිටුවා තිබෙනවා. ඔබ වැනි දක්ෂ දරුවන් දිගටම හොඳ වැඩ කරනු ඇතැයි මට විශ්වාසයි. මෙය ආරම්භය පමණි. අනෙක් දරුවන් ඔබ දෙස බලා ඉගෙන ගෙන අනුගමනය කරනු ඇති.”යැයි ජනාධිපතිවරිය සිය කතාවේදී පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?