ඉන්දියාවේ විශිෂ්ඨතම ළමයා ලෙස වෛභව් සූර්යවංශිට සම්මානයක්

වෛභව් සූර්යවංශි යනු තවමත් වයස අවුරුදු 14ක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුවත් මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර ඔහු සම්බන්ධයෙන් විශාල කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

එලෙස වීමට හේතුව, වයස අවුරුදු 14ක කුඩා ක්‍රීඩකයෙක්ට කෙසේ වුවත්, පරිණත ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පවා කළ නොහැකි අන්දමේ විශිෂ්ඨ දස්කම් සූර්යවංශි මේ වන විට ක්‍රිකට් පිටියේ පෙන්වා තිබීමයි.

පසුගිය සිකුරාදා (24) දින ඉන්දියාවේදී List A තරගයක් ක්‍රීඩාකළ සූර්යවංශි පන්දු 84ක් පමණක් වැය කරමින් ලකුණු 190ක් රැස්කර ගත් අතර, List A තරගයකදී ශතකයක් ලබාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්වුණා.

එමෙන්ම නිමාවට පත්වූ යෞවන ආසියානු කුසලානයේ දී මෙන්ම 2025 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දී වාර්තා රැසක් පිහිට වූ සූර්යවංශි ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවදානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ අනුව එලෙස ලොව තරුවක් බවට පත්ව සිටින වෛභව් සූර්යවංශි අද (26) ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ අතින්, ඉන්දියාවේ ඉහළම සිවිල් ළමා සම්මානය වන ප්‍රධාන අමාත්‍ය රාෂ්ට්‍රීය බල් පුරස්කාර් සම්මානය ලබා ගත්තා.

සම්මානය පිරිනැමීමෙන් අනතුරව, ජනාධිපති ද්‍රෞපදී මුර්මු සිය කතාවේදී වෛභව් සූර්යවංශිට ප්‍රශංසා කර තිබෙනවා.

“වෛභව් සූර්යවංශි ඉතා තරඟකාරී සහ බහු-දක්ෂ ක්‍රිකට් ලෝකයේ ඔහුගේ සලකුණ තබා තිබෙනවා. ඔහු බොහෝ වාර්තා පිහිටුවා තිබෙනවා. ඔබ වැනි දක්ෂ දරුවන් දිගටම හොඳ වැඩ කරනු ඇතැයි මට විශ්වාසයි. මෙය ආරම්භය පමණි. අනෙක් දරුවන් ඔබ දෙස බලා ඉගෙන ගෙන අනුගමනය කරනු ඇති.”යැයි ජනාධිපතිවරිය සිය කතාවේදී පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40