AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කුඩා බස් රථයක් සහ බැකෝ යන්ත්‍රයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරේදී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලක්නව් නුවර සිට දිල්ලිය බලා ගමන් ගනිමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන්.

උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගි අදිත්‍යනාත් ප්‍රකාශ කළේ විපතට පත් පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දියක් ලබාදෙන බවයි.ඉන්දීය මධ්‍ය රජය මගින්ද මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් සහ තුවාල ලැබුවන්ට රුපියල් 50,000 බැගින් වන්දි පිරිනමන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?