ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන වන්දනාකරුවන් 09ක් මරුදකී

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ගිනිගැනීමට ලක්ව පුද්ගලයින් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 13 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ හර්යානා ප්‍රාන්තයේ කුණ්ඩලි-මනේසර්-පල්වාල් අධිවේගී මාර්ගයේ දී මෙලෙස බස් රථය ගිනි ගැනීමට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එහි වන්දනාකරුවන් 60 දෙනෙකු පමණ සිටි ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් පසුගිය සතියේ උත්තර් ප්‍රදේශ්හි මථුරා-වෘන්දවාන් වෙත ගොස් යළි චන්දිගාර් වෙත යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලිස් කණ්ඩායම් පැයක පමණ කාලයක් න්ස් රථයේ හටගත් ගින්න මැඩපවත්වා ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයින් නල්හාර් වෛද්‍ය විද්‍යාලය වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?