ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන වන්දනාකරුවන් 09ක් මරුදකී

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ගිනිගැනීමට ලක්ව පුද්ගලයින් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 13 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ හර්යානා ප්‍රාන්තයේ කුණ්ඩලි-මනේසර්-පල්වාල් අධිවේගී මාර්ගයේ දී මෙලෙස බස් රථය ගිනි ගැනීමට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එහි වන්දනාකරුවන් 60 දෙනෙකු පමණ සිටි ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් පසුගිය සතියේ උත්තර් ප්‍රදේශ්හි මථුරා-වෘන්දවාන් වෙත ගොස් යළි චන්දිගාර් වෙත යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලිස් කණ්ඩායම් පැයක පමණ කාලයක් න්ස් රථයේ හටගත් ගින්න මැඩපවත්වා ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයින් නල්හාර් වෛද්‍ය විද්‍යාලය වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46
Video thumbnail
ආණ්ඩුව නිසා තමයි අපිට මෙතනට එන්න වුණේ
02:42
Video thumbnail
අධිකරණය ආණ්ඩුවේ තනි අතට ගන්න හදන්නේ - අපි පරාජය කරනවා
01:10
Video thumbnail
චාමර සම්පත් පාර දිගේ බැන බැන යයි? බලය තියනකොට මොළේ නෑ
01:18