Saturday, January 4, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ඉන්දියාවේ පළමු ඉනිමට වඩා ලකුණු 04ක් පසුපසින් කැන්ගරුවන් නවතියි

ඉන්දු – ඔස්ට්‍රෙලියා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (04) දිනයේ දී ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 181ක් ලබා ගත්තා.

ඊයේ (03) සිඩ්නි නුවර දී කාසියේ වාසියේ ජය ඉන්දියාවට හිමිකර දෙමින් තරගය ආරම්භ වුණා.

පළමු ව පිතිකරණය තෝරාගත් ඉන්දීය නායක ජස්ප්‍රිට් බුම්‍රා ඇතුළු සගයින් සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 185ක් පමණයි.

පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ රිෂාබ් පාන්ට් ලකුණු 40ක් ලබා ගත්තා.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26යි.

කඩුලු බිඳ දැමීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක්, මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් නෙතන් ලියෝන් බිඳ දැමුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් හට සිතූ තරම් සාර්ථක වීමට ඉන්දීය පන්දු බලඇණිය ඉඩකඩ දුන්නේ නැහැ.

සිය මංගල ටෙස්ට් තරගයේ දී කුළුඳුල් ටෙස්ට් අර්ධ ශතකය ලැබූ බියු වෙබ්ස්ටර් පමණක් සාර්ථක වුණා.

ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 57ක් රැස් කළා.

ස්ටීවන් ස්මිත් ලකුණු 33යි.

කඩුලු බිඳ දැමීමේ දී සිරාජ් සහ ක්‍රිෂ්ණා කඩුලු 03 බැගින් බිඳ හෙලූ අතර බුම්‍රා සහ නිටිෂ් කුමාර් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

මේ වනවිට ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රෙලියාවේ පළමු ඉනිමට වඩා ලකුණු 04කින් ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොඩංගොඩ ඇළදූව විහාරස්ථානයේ සොරකම් කරන ලද වාලම්පුරිය විහාරස්ථානයේම ළිඳකින් හමුවෙයි
02:52
Video thumbnail
Clean Sri Lanka තුළින් - පාතාලයටත් සොරිම තමයි...
06:56
Video thumbnail
බැංකුවල ස්ථාවර තැන්පතු මිනිස්සු අයින්කරගෙන
04:59
Video thumbnail
ජර්මන් සංචාරකයන් දර්ගා නගරයේ ශ්‍රී ඤාණිස්සර මහාවිද්‍යාලයට කළ පරිත්‍යාගය
01:55
Video thumbnail
මේ ලෝකේ කරන් බැරි දෙයක් නෑ - ඔබේ ආත්ම විශ්වාසය ශක්තිමත් කරගන්න #selfconfidence
04:37
Video thumbnail
ආධාර දෙන්න - ප්‍රශ්නයක් නෑ - මාලිමා මන්ත්‍රී කියයි
18:04
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම නීතිඥ උපුල් අබේවික්‍රම සහ හිටපු පා.ම නීතිඥ මධුර විතානගේ සහභාගීවන කස්තිරම
01:27:22
Video thumbnail
මධුරගේ කතාවට මාලිමා මන්ත්‍රීගේ කට වැහෙයි
17:05
Video thumbnail
මාලිමාව කරන්නේ රනිල් කරගෙන ගිය වැඩ ටික - මධුර කියයි
06:16
Video thumbnail
මිනිස් ජීවිත බිල්ලට ගන්න හොර දොස්තරලා අල්ලපු මෙහෙයුම - DASATHA SEARCH LIGHT
12:55

?