ඉන්දියාවේ දී ඇල්ලූ හරක් කටාගේ සහායක පොලිස් කොස්තාපල් ඇතුළු දෙදෙනකු දිවයිනට ගෙන එයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ, මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ, පුද්ගලයන් දෙදෙනෙකු අද (19) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.

මොවුන් අතරින් පළමුවැන්නා නදුන් චින්තක නොහොත් හරක්කටා නමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාම සඳහා උපකාර කළ බවට සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිදු සන්දීප ගුණසේකරය.

ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි හෙළි ව ඇත්තේ.

අනෙක් පුද්ගලයා මිනීමැරුම්, වෙඩි තැබීම් රාශියකට ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන අයයි.

මොවුන් දෙදෙනා අද දින පස්වරු 12.50ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E -1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

තවත් මෙවැනිම රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් දෙදෙනෙකු අද දින රාත්‍රියේ ද කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?