ඉන්දියාවේ දී ඇල්ලූ හරක් කටාගේ සහායක පොලිස් කොස්තාපල් ඇතුළු දෙදෙනකු දිවයිනට ගෙන එයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ, මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ, පුද්ගලයන් දෙදෙනෙකු අද (19) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.

මොවුන් අතරින් පළමුවැන්නා නදුන් චින්තක නොහොත් හරක්කටා නමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාම සඳහා උපකාර කළ බවට සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිදු සන්දීප ගුණසේකරය.

ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි හෙළි ව ඇත්තේ.

අනෙක් පුද්ගලයා මිනීමැරුම්, වෙඩි තැබීම් රාශියකට ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන අයයි.

මොවුන් දෙදෙනා අද දින පස්වරු 12.50ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E -1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

තවත් මෙවැනිම රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් දෙදෙනෙකු අද දින රාත්‍රියේ ද කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30