ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර වෙළඳපොලට

ඉන්දියාවේ සිට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර්. ගබඩා සංකීර්ණයේදී අද වෙළද පොළට නිකුත් කිරීම සිදු කෙරුණා.

මෙරට බේකරි නිශ්පාදකයින් අතර මෙම බිත්තර තොගය බෙදාහැරීම සිදු කල අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම බිත්තර ලක්ෂ 10 එකක් රුපියල් 35ක මිලකට බේකරි හිමියන්ට ලබා දුන් බවයි.

ඉන්දියාවේ සිට ගෙන්වු මෙම බිත්තර තොගය මෙරට අදාළ සියළුම රජයේ ආයතනවල අනුමැතියන්ට යටත්ව ගෙනවා තිබෙන බවයි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

බේකරි හිමියන්ට අලවිකරණු ලැබූ මෙම බිත්තරවල නිශ්පාදිත දිනය ලෙස 2023/03/18 සටහන්ව තිබු අතර එහි කල් ඉකුත් වන දිනය ලෙස 2023/06/15 සටහන්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බිත්තර නිශ්පාදකයින්ද තරගකාරී මිලකට බිත්තර අලෙවි කිරීම ආරම්භ කළ යුතු බව පැවසූ සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙරට බේකරි, හොටල් හා ආපන ශාලාවලට බිත්තර ආනයනය කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී බේකරි නිශ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාව ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

පාරිභෝගිකයන් වෙනුවෙන් මෙලෙස කටයුතු කළ වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට ස්තූති පුද කර සිටින බවද එන්. කේ. ජයවර්ධන සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13