spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර වෙළඳපොලට

ඉන්දියාවේ සිට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර්. ගබඩා සංකීර්ණයේදී අද වෙළද පොළට නිකුත් කිරීම සිදු කෙරුණා.

මෙරට බේකරි නිශ්පාදකයින් අතර මෙම බිත්තර තොගය බෙදාහැරීම සිදු කල අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම බිත්තර ලක්ෂ 10 එකක් රුපියල් 35ක මිලකට බේකරි හිමියන්ට ලබා දුන් බවයි.

ඉන්දියාවේ සිට ගෙන්වු මෙම බිත්තර තොගය මෙරට අදාළ සියළුම රජයේ ආයතනවල අනුමැතියන්ට යටත්ව ගෙනවා තිබෙන බවයි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

බේකරි හිමියන්ට අලවිකරණු ලැබූ මෙම බිත්තරවල නිශ්පාදිත දිනය ලෙස 2023/03/18 සටහන්ව තිබු අතර එහි කල් ඉකුත් වන දිනය ලෙස 2023/06/15 සටහන්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බිත්තර නිශ්පාදකයින්ද තරගකාරී මිලකට බිත්තර අලෙවි කිරීම ආරම්භ කළ යුතු බව පැවසූ සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙරට බේකරි, හොටල් හා ආපන ශාලාවලට බිත්තර ආනයනය කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී බේකරි නිශ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාව ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

පාරිභෝගිකයන් වෙනුවෙන් මෙලෙස කටයුතු කළ වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට ස්තූති පුද කර සිටින බවද එන්. කේ. ජයවර්ධන සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?