ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරියගේ වාර්තාවක් සමකළ ඩි කොක්

ජ්‍යාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ ඉන්දියාවට එරෙහිව වැඩිම ශතක ලාභීන්ගේ ලයිස්තුවේ පෙරමුණේ සිටි සනත් ජයසූයගේ එම වාර්තාව සම කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් අද (06) සමත් වුණා.

ඒ අද ඉන්දියාවට එරෙහිව විශාකාපට්නම් හිදී පැවති තරගයේ දී පන්දු 89ක් තුළ ලකුණු 106ක් රැස් කර ගනිමින්.

ඒ අනුව ඩි කොක්ගේ මෙම ශතකයත් සමඟ ඉන්දියාවට එරෙහිව ඔහු විසින් එක්දින ඉනිම් 23ක් තුළ ශතක 07ක් රැස්කරගෙන තිබෙනවා.

සනත් ජයසූරිය ද ඉන්දියාවට එරෙහිව ශතක 07ක් රැස්කර ගෙන මෙම ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?