ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරනවා – ජනපති (වීඩියෝ)

එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන බස්නාහිර පළාත අද මෙරට ආර්ථිකයේ ප්‍රධාන එංජිම බව පෙන්වා දුන් ජනාධිතිවරයා ඉදිරියේ දී දකුණු, උතුරු, මධ්‍යම යන පළාත් මෙන්ම වයඹ පළාත ද ඊට එක් කර ගනිමින් ප්‍රධාන එංජින් 05ක් යටතේ මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමට කටයුතු කරන බවයි ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වව්නියාව දිස්ත්‍රික් සංස්කෘතික ශාලාවේදී අද (05) පැවති වව්නියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.

වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන, සෞඛ්‍ය, නැවත පදිංචි කිරීම්, ඉඩම්,විදුලිය,ජලය, සංචාරක, වන සංරක්ෂණ හා ධීවර ක්ෂේත්‍රවල පවතින ගැටලු පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර එම ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

මෙරට අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් බවට කොළඹ, මහනුවර මෙන්ම උතුරු පළාත පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අපේ රටේ ආර්ථිකයට තිබුණේ එක එංජිමයි. ඒ තමයි බස්නාහිර පළාත. මෙරට ජාතික ආර්ථිකයට 50%ට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ බස්නාහිර පළාතයි. අනෙක් පළාත්වලින් ලැබෙන ආර්ථික දායකත්වය පසුගාමී තැනකයි තිබෙන්නේ. රටක් ලෙස වේගයෙන් ඉදිරියට යාමට නම් ආර්ථිකය ඉදිරියට ගෙන යන එම එංජින් ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒ සඳහා අනෙකුත් පළාත්වලද ශක්තිමත් ආර්ථිකයක් ඇති කළයුතුයි. ඒ සඳහා අප පළාත් කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. දකුණ, උතුර, බස්නාහිර, මධ්‍යම හා වයඹ යන පළාත් පහ ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකට පුළුල් දායකත්වයක් ලබාදෙන පළාත් ලෙස ගොඩනැංවිය යුතුයි.

වර්තමානය වන විට රටට මූල්‍ය ශක්තියක් තිබෙන නිසා අතරමග නවතා දමා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලටත් එම ආධාර ලබාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ වගේම උතුරු පළාත මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාව පවතිනවා. උතුරු පළාතේ තිබෙන සුළං සහ තාප තත්ත්වයන් අනුව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් තිබෙනවා. උතුරු පළාතෙන් නිපදවිය හැකි බලශක්තිය ගණනය කර බැලුවොත් ඉතිරි කොටස ඉන්දියාවට අළෙවි කර මුදල් ලබාගත හැකියි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාතේ ගොවීන් ඉතාම දක්ෂ කාර්යක්ෂම පිරිසක්. කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ උතුරු පළාතේ ගොවි බිම් කළමනාකරණය කිරීම තුළින් අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කළ හැකියි.

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

රටේ ආර්ථිකය දරුණු අවපාතයකට ලක් වී තිබූ මොහොතක රට බාර ගෙන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකරන කාර්යභාරය ප්‍රශංසනීයයි.

ජනාධිපතිවරයා රට බාරගන්නා විට ගෑස් තිබුනේ නෑ, ඉන්ධන තිබුනේ නැහැ, විදුලිය පැය දහයක් කප්පාදු කළා. විදේශ සංචිත බින්දුවටම වැටිලා තිබුණා. එවන් අවස්ථාවක ජනාධිපතිවරයා රට භාරගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත්තා.

එම නිසාම අද උතුරු පළාතේ සංවර්ධනය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. උතුරු පළාතේ මාර්ග ව්‍යාපෘති කඩිනම් කිරීමට එතුමා අද උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ප්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීමටත්, සංචාරක කලාප දියුණු කිරීමටත් පියවර ගනිමින් තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය,

පසුගිය උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා බිහිකිරීමට යාපනය දිස්ත්‍රික්කය සමත් වුණා. එමෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයේත් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට උතුරු පළාත සමත් වී තිබෙනවා. මඩු සහ තුනක්කායි ප්‍රදේශය එක් කර අධ්‍යාපන කලාපයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව ද කිවයුතුයි.

උතුරු පළාතේ අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විදුහල්පතිවරු සහ ගුරුවරුන් ස්ව කැමැත්තෙන්ම කාර්යක්ෂමව වැඩ කරමින් සිටිනවා. ඒ පිළිබඳ සතුටු විය හැකියි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු විසඳා ගැනීමටද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම කෘෂිකර්ම අංශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් මෙතෙක් වගා නොකළ ප්‍රදේශවල වගාවන් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය මැදිහත්විම සිදු කිරීම පිළිබඳ අප ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මෙම පළාතේ ගොවි ජනතාවගේ භෝග ප්‍රවාහනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නැහැ. ප්‍රවාහන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර ඊට විසඳුම් ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.

රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වතාවේ මෙම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීත් එතුමා මෙහි අවශ්‍යතා පිළිබඳ සොයා බලා ඒවා ඉටු කර දීමට කටයුතු කළා. මෙවර ද අප ජනාධිපතිතුමාව සාදරයෙන් සහ ස්තූතිපූර්වකව පිළිගනු ලබනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම පොකුණු ආශ්‍රිත ප්‍රදේශත් කෘෂිකර්මාන්තය සඳහා නිදහස් කරන ලෙස ද අප ඉල්ලා සිටිනවා. ඒ වගේම අලි වැට නඩත්තු කටයුතු සහ ධීවර ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලීපන් මහතා,

වව්නියාව දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ නිවේදනය ප්‍රථම වරට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට සහ අදාළ බලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා. වව්නියාව දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවිමේ යෝජනාව ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය තණබිම් නිදහස් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා,

ජනාධිපතිතුමාගේ පැමිණීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අයවැය සැසියේදී දේශපාලන සිරකරුවන් තිදෙනෙකු නිදහස් කරන බව පවසා තිබුණා. ඔබ ඔවුන්ගෙන් දෙදෙනෙකු නිදහස් කර තිබෙනවා. ඒ පිළිබඳවත් අප ස්තූතිවන්ත වෙනවා.

පසුගිය යුද සමයේදී අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් 12 දෙනෙකු පමණ තවමත් සිටින අතර ඔවුන්ද නිදහස් කිරීමට හෝ ඇප මත මුදා හැරීමට විශේෂ අවසරයක් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නෝගරාදලිංගම් මහතා,

ජනාධිපතිතුමාගේ පැමිණීම පිළිබඳ අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. වව්නියාවේ ඉදිකළ නව ආර්ථික මධ්‍යස්ථානය ජනතා පරිහරණය සඳහා විවෘත කරන ලෙස ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මහතා,

යුද්ධය අවසන් වූ නමුත් වවුනියාවේ සංවර්ධන කටයුතු සැලකිය යුතු මට්ටමකින් සිදු වුණේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරමින් සිටිනවා. ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ඔබතුමා විශ්වාසයකින් යුතුව ආරම්භ කර තිබෙන බැවින් ඒ සඳහා සුදුසු විසදුම් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එසේම දිස්ත්‍රික්කයේ රෝහල්වල සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කර දෙන ලෙසද අප ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29