ඉදිරි මාස 06 ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගැන අගමැතිගෙන් හෙලිදරව්වක්

ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හා රටේ සංචිත ඉහළ නැංවීම මෙම වසරේ ණය ගෙවීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බවයි. අර්බුදය සමනය කිරීමට උපකාර වන ඕනෑම මුල්‍යමය පාලමක් රඳා පවතින්නේ IMF සමඟ එළඹෙන ගිවිසුමක් මත බව ද එහිදී පෙන්වාදී තිබෙනවා.

පරිත්‍යාගශීලී රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකරන බවත්, ජපානය සමඟ බිඳ වැටී ඇති සබඳතා යථා තත්ත්වයට පත් කරන බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවද අද පැවති සාකච්ඡාවේදී සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය මා’ධ්‍ය ඒකකය සඳහන් කළේ.

හදිසි අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා වන ජාත්‍යන්තර ආයාචනය සඳහා මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නායකත්වය දෙනු ලබන බවයි එහිදී ප්‍රකාශවී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33