AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි ජනපතිවරණයේ දී එක්කො මේ රට හැදෙයි නැත්නම් මකබෑවිලා යයි – විදේශ ඇමති සබ්‍රි

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසුව මේ රට හැදෙන්නේ ද නැත්නම් මකබෑවෙන්නේ ද යන්න තීරණය කළ හැකි බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසනවා.

විදේශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට ලක්ෂ 125ක මුදල් ප්‍රතිපාදන මත විද්‍යාගාර ගොඩනැගිල්ලක් සහ කළුතර මුස්ලිම් බාලිකා විද්‍යාලයට තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ ප්‍රදේශයේ තවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින්.

පසුගිය කාලය තුළ අසීරුවෙන් ගොඩනගා ගත් ශක්තිමත් ආර්ථීක වැඩපිළිවෙළක් ගොඩ නැගීගෙන එන වෙලාවක දී ඒක පුද්ගල ජයග්‍රහණයක් නොපැතිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

බඩු මිල අහස උසට පවතින මොහොතක ඊට නියම ක්‍රමවේදයක් ඉදිපත් කරන්නෙකුට රට භාරදිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?