ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු පිළිබද ජනපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යලයේදී අද (12) පෙරවරුවේ පැවැත්වුණා.

ඉදිකිරීම් සේවාව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයක් වන විදුලි කේබල් අපනයනය කිරීමෙන් ආර්ථිකයට ලබාගත හැකි දායකත්වය ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර, මෙම කර්මාන්තය අපනයන ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය කිරීමේදී මුහුණදීමට සිදුවන අභියෝග, යෝජනා සහ විසඳුම් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඉදිකිරීම් කර්මාන්තය රජයේ ඉදිකිරීම්වලින් පරිබාහිරව වර්ධනය වීමට අවශ්‍ය ආර්ථික පරිසරය නිර්මාණය කිරීම අරමුණු කරගෙන ඇති බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පැවැති අවිධිමත්බව හේතුවෙන් පසුගිය සමයේ අක්‍රමිකතා සිදුවූ බවද එහි විධිමත්භාවයක් ඇති කළ යුතු බවද මෙහිදී අවධාරණය කළා.

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා එම ගැටලු විසඳීමට රජය මැදිගත් විය හැකි ආකාරය පිළිබඳ මෙහිදී අවධානයට ලක් වූ අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ වන විට මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ විදුලි කේබල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?