ඉතාලි තානාපති කාර්යාලය ඇතුළු මෙරට මර්මස්ථාන ඡායාරූපගත කළ තැනැත්තා 11 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

මෙරට ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නොවැම්බර් මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළා.

කොටුගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ටිරාන් කුෂාන් කවිරත්න නමැති සැකකරුවෙකුයි එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

අත්අඩංගුවට ගන්නා විට සැකකාර පුද්ගලයා සතුව කොළඹ හා අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල ඡායාරූප 700ක් පමණ ඇතුළත් පොතක් තිබිය දී සොයාගෙන ඇති බව ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

ජංගම මුර සංචාරයේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ(27) අළුයම් කාලයේ දී සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී එම රූප සටහන් පොතට අමතරව ඇතැම් ප්‍රභූවරුන් සමග ඔහු කතාබස් කළ සංවාද ඇතුළත් හඬපට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් පිරිසක් සැකකාර පුද්ගලයා පදිංචිව සිටින කොටුගොඩ යාගොඩමුල්ල නිවස වෙත ගොස් පරීක්ෂා කර ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

සැකකාර පුද්ගලයා මෙම මර්මස්ථාන ඡායාරූපගත කර ඇත්තේ කුමන හේතුවක් නිසා ද එම ඡායාරූප වෙනත් පාර්ශ්වයක් අතට පත් කර තිබේ ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදු කරන බව ද පොලිසිය අධිකරණයට පැවසුවා.

සිය සහෝදරයකු සමග එක්ව සැකකාර පුද්ගලයා කොළඹ මැනිං මාකට්හි ව්‍යාපාර කටයුතුවල නිරතව සිට ඇති බවත් මීට මාස හයකට පමණ පෙර දී ඔහු එම කටයුතුවලින් ඉවත් කර ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලටත් මහේස්ත්‍රාත්වරයා ඔහු එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?