ඉඩම් හුටපටයකට අයියා – මලෝ මරා ගනියි – එක් අයෙක් රෝහලට

හාලිඇළ – මහවත්තේගම දුම්රිය මාර්ගය ආසන්නයේ දී සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදු කළ පිහි ඇනුමකින් වැඩිමහල් සහෝදරයා බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

මෙම පිහි ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ අංක 80, අමුණුවැල්පිටිය පීල්ල අසල, අමුණුවැල්පිටිය ,බදුල්ල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

ඔහු බදුල්ල ශික්ෂණ රෝහලේ මේ වනවිට නේවාසික ව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පැවසුවා.

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වන මොවුන් අතර ඉඩම් ගැටලුවක් දුරදිග යාමෙන් පසුව මෙම පිහි ඇනුම සිදු ව ඇති බවට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි තුවාලකරුගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන හාලිඇළ පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබන බව ද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16