spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉඩම් හුටපටයකට අයියා – මලෝ මරා ගනියි – එක් අයෙක් රෝහලට

හාලිඇළ – මහවත්තේගම දුම්රිය මාර්ගය ආසන්නයේ දී සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදු කළ පිහි ඇනුමකින් වැඩිමහල් සහෝදරයා බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

මෙම පිහි ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ අංක 80, අමුණුවැල්පිටිය පීල්ල අසල, අමුණුවැල්පිටිය ,බදුල්ල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

ඔහු බදුල්ල ශික්ෂණ රෝහලේ මේ වනවිට නේවාසික ව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පැවසුවා.

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වන මොවුන් අතර ඉඩම් ගැටලුවක් දුරදිග යාමෙන් පසුව මෙම පිහි ඇනුම සිදු ව ඇති බවට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි තුවාලකරුගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන හාලිඇළ පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබන බව ද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?