ඇෆ්ගන්වරුන් සිය කාණ්ඩයෙන් මුදුනා වෙමින් සුපිරි 08 අතරට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගයේ අද (14) පැවති තරගය කඩුලු 07කින් ජය ගන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ Tarouba ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, කාසියේ වාසිය හිමි වූයේ ඇෆ්ගනිස්තානයට යි.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

පන්දුවාර 19 එක් පන්දුවක් ඉතිරිව තිබියදී පැපුවා නිව්ගිනියා කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 95ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 96ක පහසු ඉලක්කයක්.

එම ලකුණු සීමාව කඩුලු 03ක් පමණක් දැවී තිබියදී සපුරා ගන්නටයි ඇෆ්ගන්වරුන් සමත් වූයේ.

Gulbadin Naib ලකුණු 49ක් රැස් කළා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී Fazalhaq Farooqi කඩුලු 03ක් ද, Naveen-ul-Haq කඩුලු 02ක් ද Noor Ahmad එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 16කට කඩුලු 03ක් බිඳ දැමූ Fazalhaq Farooqi ට හිමි වුණා.

ඒ අනුව C කාණ්ඩයෙන් පැවති තරග 03 ම ජයගත් ඇෆ්ගනිස්තානය බටහිර ඉන්දීය කොදෙව්වන් සමග මෙවර ලෝක කුසලානයේ සුපිරි 08 අතරට පිවිසීමට සමත් වුණා.

ඒ ප්‍රසාද ලකුණු සටහනෙන් ද මුදුනා බවට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
1
+1
9
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13