ඇසළ පුන් පොහෝ දිනය අදයි

ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදුකරනු ලබන්නේ මෙම ඇසළ පුන් පොහෝ දිනයේදීයි.

එමෙන්ම සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, මහාභිෂ්ක්‍රමණය මෙන්ම රාහුල කුමරුවන්ගේ උපත ද සිදුවූයේ අද වැනි ඇසළ පොහෝ දිනකයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොවුතුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේ දී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේ ද අද වැනි ඇසළ පුර පොහොය දිනයක බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කිරීම වෙනුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේ දී මහා පෙළහර පෑම ද ඇසළ පුන් පෝ දිනයක සිදු වුණා.

ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල භික්ෂුවගේ පැවිදි උපසම්පදාව, දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහ සෑරදුන් නිර්මාණය කිරීම වෙනුවෙන් වැඩ ඇරඹීම, සියම් දේශයෙන් වැඩමවන ලද උපාලි මහ තෙරුන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ විසින් ලක්දිව නැවත උපසම්පදාව පිහිටුවීම ආදී ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රාශියක් ඇසළ පුන් පොහෝ දිනයේ දී සිදුව තිබීම හේතුවෙන් මෙම පොහොය බෞද්ධ ජනතාවට වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08