spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇසළ පුන් පොහෝ දිනය අදයි

ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදුකරනු ලබන්නේ මෙම ඇසළ පුන් පොහෝ දිනයේදීයි.

එමෙන්ම සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, මහාභිෂ්ක්‍රමණය මෙන්ම රාහුල කුමරුවන්ගේ උපත ද සිදුවූයේ අද වැනි ඇසළ පොහෝ දිනකයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොවුතුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේ දී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේ ද අද වැනි ඇසළ පුර පොහොය දිනයක බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කිරීම වෙනුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේ දී මහා පෙළහර පෑම ද ඇසළ පුන් පෝ දිනයක සිදු වුණා.

ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල භික්ෂුවගේ පැවිදි උපසම්පදාව, දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහ සෑරදුන් නිර්මාණය කිරීම වෙනුවෙන් වැඩ ඇරඹීම, සියම් දේශයෙන් වැඩමවන ලද උපාලි මහ තෙරුන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ විසින් ලක්දිව නැවත උපසම්පදාව පිහිටුවීම ආදී ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රාශියක් ඇසළ පුන් පොහෝ දිනයේ දී සිදුව තිබීම හේතුවෙන් මෙම පොහොය බෞද්ධ ජනතාවට වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?