ඇල්ල මාරක බස් අනතුරින් ජීවිත අහිමි වූ ගණන 15 දක්වා ඉහළට (වීඩියෝ)

ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු සිටින බවයි පොලීසිය පවසන්නේ.

මෙම අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

එම පිරිස අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සිටින බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

එසේම පොලීසිය පවසන්නේ අද (05) උදෑසන 4.00 පමණ වනවිට එම ස්ථානයේ සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු අවසන් කළ බවයි.

ඇල්ල රාවණා ඇල්ල ආසන්න ප්‍රදේශයේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක පමණ ආසන්න ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

එම අවස්ථාවේදී ආපදාවට ලක්වූ පිරිස් මුදාගැනීම සඳහා දැඩි බෑවුම් සහිත ප්‍රදේශ තරණය කිරීමට දැඩි වෙහෙසක් ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට සිදුවූවා.

ඒ සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක්, මාර්ගයේ ගමන්කළ පිරිස්, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ, ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවා.

එම ස්ථානයටම පැමිණි අවට රෝහල්වල වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය බේරාගන්නා පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදෙමින් ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබුවා.

අනතුර සැලවීමත් සමග 1990 ගිලන් රථ ඇතුළු විශාල ගිලන් රථ ප්‍රමාණයක් ද එම ස්ථානයට කඩිනමින් පැමිණ සිටියා.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46