ඉරානයේ යුද්ධයේ තම මූලික අරමුණු සම්පූර්ණවීමට ආසන්නයි – ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි

ඉරානයේ දී තම මූලික අරමුණු සම්පූර්ණ වීමට ආසන්න බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේ සිට රූපවාහින ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර හිටපු ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් සාකච්ඡා කරන ලද න්‍යෂ්ටික ගිවිසුම වැරැද්දක් ලෙස ට්‍රම්ප් මෙහිදී හඳුන්වන අතර, එය අවසන් කිරීමට ලැබීම තමාට ගෞරවයක් බවයි ඔහු පවසා සිටියේ.

ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන අත්හැරියේ නැති බවත් දිගු දුර මිසයිල වේගයෙන් සංවර්ධනය කරමින් සිටි බවයි ට්‍රම්ප් පැවසුවේ.

මේ වනවිට ඉරානයේ නාවික හමුදාව නැති වී ගොස් ඇති බවත්, ඔවුන්ගේ ගුවන් හමුදාව නටබුන් වී ඇති බව පැවසූ ට්‍රම්ප්, ඔවුන්ගේ නායකයින් බොහෝ දෙනෙක් මේ වනවිටත් මියගොස් ඇති බවයි එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

ට්‍රම්ප්ගේ විශේෂ ප්‍රකාශයේ ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ ඊශ්‍රායලය සහ ගල්ෆ් රාජ්‍යයන් ඇතුළු කලාපයේ එක්සත් ජනපද මිත්‍රයින්ට ස්තූතිය පුදකර සිටින බවයි.

ඉරානය මෙම රටවල් බොහොමයකට පහර දී ඇති බවයි ට්‍රම්ප් සඳහන් කළේ.

මේ අතර එක්සත් ජනපදයට විදේශයන්ගෙන් තෙල් අවශ්‍ය නොවන බව අවධාරණය කළ ට්‍රම්ප් මැද පෙරදිගින් තෙල් අවශ්‍ය රටවල් දැන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට පෙරමුණ ගත යුතු බවයි පැවසුවේ.

ඉරාන තර්ජන හමුවේ මැද ඉන්ධන ලබාගත නොහැකිව සිටින රටවලට, එක්සත් ජනපද තෙල් මිලදී ගන්නා ලෙසයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31