ඇල්ල බස් අනතුරින් මියගිය අයට අවසන් ගෞරව දක්වන්න අග්‍රාමාත්‍යවරිය තංගල්ලට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී පෙරේදා (04) අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ, අනුව අදාළ බස් රථය මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් නිසි නියාමනයකට ලක්ව නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කෙරෙන බස් රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරු අවමකර ගැනීම සඳහා ගත යුතු සියලුම පියවරටන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියා.

ජීවිත 15ක් බිළිගනිමින් අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට පත් වූ බස් රථයේ සුන්බුන් අද (06) පෙරවරුවේ ඇල්ල පොලිස් ස්ථානය වෙත ගෙන ඒමට කටයුතු කර තිබුණා.

මේ අතර මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ අද (06) උදෑසන තංගල්ල නගර සභා ශාලාව වෙත ගෙන එනු ලැබුවා.

එහිදී පැය 02ක පමණ කාලයක් මහජන ගෞරව දැක්වීමට එම දේහයන් එහි තැන්පත් කර තිබූ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද එහි පැමිණ එම දේහයන්ට අවසන් ගෞරව දක්වා සිටියා.

අද (06) පෙරවරු 10.00ට පමණ ආගමික වතාවත්වලින් අනතුරුව එම දේහයන් ඔවුන්ගේ නිවෙස්වලට ‍රැගෙන යනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41