AFC Banner
AFC Banner
Empty Ad

ඇල්ලේ හෝටලයකට වෙඩි – අයෙක් තුවාල ලබයි

ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලයක් ඉදිරිපිට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් හෝටලය දෙසට T56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් හෝටලය ඉදිරිපිට සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම වෙඩි තැබීම සෘජුව ම හෝටලය ඉලක්ක කරගෙන සිදු වූවක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

හෝටලයේ තිබූ ආරක්ෂිත කැමරාවල වෙඩික්කරුවන්ගේ ඉලක්කය හෝටලය වන බවට ද පෙනී ගොස් තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?