ඇල්ලේ හෝටලයකට වෙඩි – අයෙක් තුවාල ලබයි

ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලයක් ඉදිරිපිට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් හෝටලය දෙසට T56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් හෝටලය ඉදිරිපිට සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම වෙඩි තැබීම සෘජුව ම හෝටලය ඉලක්ක කරගෙන සිදු වූවක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

හෝටලයේ තිබූ ආරක්ෂිත කැමරාවල වෙඩික්කරුවන්ගේ ඉලක්කය හෝටලය වන බවට ද පෙනී ගොස් තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21