ඇල්ලේ අනතුරට පත් බසයේ අනන්‍යතාවය ගැන සැකයක්

පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමිකරමින් පසුගිය 04 වනදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී ප්‍රපතයකය පෙරළී අනතුරට ලක්වූ බස් රථයේ අනන්‍යතාවය පිළිබඳව සැකයක් මතුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව විසින් සැකසූ වාර්තාව මඟින් ඒ බව දක්වා තිබෙනවා.

අදාළ කමිටු වාර්තාවේ දැක්වෙන්නේ බස් රථයේ සඳහන් චැසි අංකය සහ ලියාපදිංචි සහතිකයේ සඳහන් චැසි අංකය නොගැළපෙන බවයි.

චැසියේ මුද්‍රිත චැසි අංකය, ලියාපදිංචි සහතිකය, Body Tag සහ මෝටර් රථ ප්‍රවාහන දත්ත පද්ධතිය හා නොගැළපෙන බවයි අදාළ වාර්තා මඟින් තහවුරු කර ඇත්තේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව චැසි අංකය අක්ෂර 17කින් සමන්විය යුතු අතර, අනතුර ලක් වූ බස් රථයේ චැසිය මත මුද්‍රණය කර තිබූ චැසි අංකයේ අක්ෂර 18ක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව අදාළ බස් රථයේ අනන්‍යතාවය පිළිබඳව සැකයක් මතුවන බවයි විමර්ශන කමිටු වාර්තාව මඟින් දක්වා ඇත්තේ.

NB-1673 ලියාපදිංචි අංකය දරණ මෙම බස් රථය 2011 වසරේ දී පළමුවරට ලියාපදිංචි කර ඇති අතර, අනතුරට ලක්ව අවස්ථාවේ රථයේ හිමිකරු ලෙස කටයුතු කර ඇත්තේ කංකානම් ආරච්චිගේ නිරෝෂන් නැමැති අඟුණකොළපැලැස්ස, දෙහිකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

01 2
02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41