මාතලේ, ඇල්කඩුව ප්‍රදේශයේ රත්වත්ත වත්තේ වතු පවුල් 03ක් ඉවත් කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) විරෝධතා පුවරු අතැතිව පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවයක නිරත වුණා.
එම පක්ෂයේ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ඇතුළු පිරිසක් මෙලෙස විරෝධතාව පළකර සිටියා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටුව පලකරන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුව් දී අදහස් දක්වමින් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
+1
+1




