20-20 වාර්තා අලුත් වූ සිව්වන තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

සත්කාරක ඉන්දියාව සමඟ පැවති සිව්වන විස්සයි විස්ස තරගයෙන් ද අමිහිරි පරාජයක් අත්කර ගන්නර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (28) සිදු වුණා.

වාර්තා කිහිපයක් බිහි වූ මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දීය ක්‍රීඩිකාවන් ජයගත්තේ ලකුණු 30කින්.

තිරුවානන්දපුරම්හි දී ඊයේ (28) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 221ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඉන්දීය ක්‍රීඩිකාවන් නිර්මාණය කළ මෙම ලකුණු පුවරුව දැක්වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග බිමේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඉන්දීය කාන්තා විස්සයි විස්ස කණ්ඩායම මීට පෙර රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 04ක් දැවී ලකුණු 217ක්.

ඊයේ තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් හිමි වූ ලකුණු 222ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 191ක් පමණයි.

ශ්‍රී ලංකාව රැස්කළ මෙම ලකුණු 191 වාර්තා පොත් අතරට එක්වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 30කින් පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග හතරට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36