20-20 වාර්තා අලුත් වූ සිව්වන තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

සත්කාරක ඉන්දියාව සමඟ පැවති සිව්වන විස්සයි විස්ස තරගයෙන් ද අමිහිරි පරාජයක් අත්කර ගන්නර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (28) සිදු වුණා.

වාර්තා කිහිපයක් බිහි වූ මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දීය ක්‍රීඩිකාවන් ජයගත්තේ ලකුණු 30කින්.

තිරුවානන්දපුරම්හි දී ඊයේ (28) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 221ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඉන්දීය ක්‍රීඩිකාවන් නිර්මාණය කළ මෙම ලකුණු පුවරුව දැක්වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග බිමේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඉන්දීය කාන්තා විස්සයි විස්ස කණ්ඩායම මීට පෙර රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 04ක් දැවී ලකුණු 217ක්.

ඊයේ තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් හිමි වූ ලකුණු 222ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 191ක් පමණයි.

ශ්‍රී ලංකාව රැස්කළ මෙම ලකුණු 191 වාර්තා පොත් අතරට එක්වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 30කින් පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග හතරට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19