පෙම්වතාට එන්න කියා අවුරුදු 17 පෙම්වතිය ගිංඔයට පැනලා – පෙම්වතිය අතුරුදන්

වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිස් පවසනවා.

වයස අවුරුදු‍ 17ක තරුණියක් ඊයේ (28) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇති බව බවයි වාර්තා වුණේ.

පෝරුතොට ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාව පවත්වා ගෙන ගිය තරුණයාට එම ස්ථානයට පැමිණීමට තරුණිය දුරකථනයෙන් දැනුම් දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තරුණයා තවත් මිතුරෙකු සමඟ නයිනමඩම පාලම අසලට පැමිණෙන විට තරුණිය ගිංඔයට පැන ඇති අතර, ඇයව බේරාගැනීම සඳහා තරුණයාද ගිංඔයට පැන තිබෙනවා.

එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් තරුණයා බේරාගෙන ඇත. තරුණිය දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙන්නප්පුව පොලිසිය සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08