කටුනායකට පැමිණෙමින් තිබූ ගුවන් යානයක බෝම්බ බියක් – ඊමේල් එකකින් දැනුම්දීලා

කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (28) උදෑසන දෝහා සිට පැමිණෙමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට ගුවන් තොටුපොළ කළමනාකරු වෙත ලද විද්‍යුත් තැපැල් පණිවිඩය අනුව එම ගුවන් යානය විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් සෝදිසි කිරීම්වල දී එම එවැනි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරණ ගුවන් යානය අද (28) උදෑසන 08.27ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණ තිබුණා.

එම අවස්ථාවේ බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ මෙම ගුවන් යානය තුළ මගීන් 245ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 12 දෙනෙකු සිට තිබෙනවා.

යානය ගොඩබැස්සවීමට පෙර කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු වෙත ලද විද්‍යුත් තැපැල් ලිපියක් මගින් මෙම ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට දැනුම්දීමක් සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ අනුව මෙම ගුවන් යානය උදෑසන 08.27ට කටුනායක ගුවන් තොටුපොළ වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ගොඩබස්වා, ගුවන් යානය නයිකන්ද ප්‍රදේශයේ ඇති ආරක්ෂිත ගුවන් අංගයනය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව එහි සිටි සියලුම ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය පිටතට බස්සවා ගුවන් තොටුපොළ බෝම්බ නිශ්ක්‍රිය අංශ නිලධාරීන් සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සදහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් යොදවා ගුවන් යානයම දැඩි සෝදිසි කිරීමකට ලක් කර තිබෙනවා.

එහිදී එම ගුවන් යානය තුළ එවැනි කිසිවක් ඔවුන්ට සොයාගැනීමට නොහැකි වූ අතර, පසුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ සාමාන්‍ය ගුවන් අංගයනය වෙත රැගෙන විත් තිබෙනවා.

ගුවන් යානය යළිත් ආපසු අද (28) පෙරවරු 10.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබුණද , මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම හේතුවෙන් ප්‍රමාද වී පස්වරු 01.07ට යළි දෝහා බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

  1. මේ විද්‍යුත් පනිවිඩ එන්නේ කොහේ සිටද යන්න තහවුරු කරගැනීමට හැකියාවක් නැද්ද….?මෙහෙම බොරු නිවුස් එවලා ඇත්තටම එවපු දවසට තමයි ඇස් උඩ යන්නේ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41