ඇඹුල්ගම පෙරහැර හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්න

ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන පෙරහැර හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධ ජයන්ති ආශිර්වාද වාර්ෂික මහා පෙරහැර පෙරේදා (02) දිනයෙන් ආරම්භ වූයේ හෙට (05) දින තෙක් පුරා දින තුනක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම පෙරහැරේ රන්දෝලි පෙරහැර අද රාත්‍රී 08ට ආරම්භ කිරීමට සූදානම් කර ඇති අතර එය හෙට (05) අලුයම 03 දක්වා අලි ඇතුන් හා නර්තන කණ්ඩායම් සහභාගී කරවා ගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එබැවින් විශේෂ රථ වාහන සැලැස්මක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක කර අතර ඇඹුල්ගම රජමහා විහාරස්ථාන භූමියෙන් ආරම්භ කර ජල්තර මාර්ගයේ සමගි මාවත හරහා පරණ පාර (ලෝලෙවල්) කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස ඇඹුල්ගම හන්දිය දක්වා පැමිණ ජල්තර – පනාගොඩ මාර්ගය ඔස්සේ නැවත විහාර බිමට පැමිණීමට නියමිතයි.

එබැවින් එම පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව කොළඹ දෙස සිට අවිස්සාවෙල්ල දෙසට ධාවනා වන වාහන රනාල – මංකඩ හන්දියෙන් කැකුලංවල මාර්ගය හරහා පනාගොඩ 293 මාර්ගයේ පනාගොඩ හන්දියෙන් ගොඩගමට ගොස් හයිලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසට ගමන් කළ හැකියි.

අවිස්සාවෙල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගය භාවිත කළ හැකි බවත් එහි සඳහන්.

මීට අමතර ව 293 පනාගොඩ – හෝමාගම මාර්ගයේ ගමන් කරන වාහන කැකුලංවල මාර්ගය මංකඩ හන්දියෙන් ලෝලෙවල් මාර්ගයට පිවිසිය හැකි වනවා.

අවිස්සාවෙල්ල දෙස සිට කොළඹ දෙසට හා කිරින්දිවෙල දෙස සිට ලෝලෙවල් මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරන වාහන හංවැල්ලන් – සමනල හන්දියෙන් සමනබැද්ද – මල්වාන හරහා කඩුවෙලට ගමන් කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?