ඇඹුල්ගම පෙරහැර හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්න

ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන පෙරහැර හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධ ජයන්ති ආශිර්වාද වාර්ෂික මහා පෙරහැර පෙරේදා (02) දිනයෙන් ආරම්භ වූයේ හෙට (05) දින තෙක් පුරා දින තුනක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම පෙරහැරේ රන්දෝලි පෙරහැර අද රාත්‍රී 08ට ආරම්භ කිරීමට සූදානම් කර ඇති අතර එය හෙට (05) අලුයම 03 දක්වා අලි ඇතුන් හා නර්තන කණ්ඩායම් සහභාගී කරවා ගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එබැවින් විශේෂ රථ වාහන සැලැස්මක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක කර අතර ඇඹුල්ගම රජමහා විහාරස්ථාන භූමියෙන් ආරම්භ කර ජල්තර මාර්ගයේ සමගි මාවත හරහා පරණ පාර (ලෝලෙවල්) කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස ඇඹුල්ගම හන්දිය දක්වා පැමිණ ජල්තර – පනාගොඩ මාර්ගය ඔස්සේ නැවත විහාර බිමට පැමිණීමට නියමිතයි.

එබැවින් එම පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව කොළඹ දෙස සිට අවිස්සාවෙල්ල දෙසට ධාවනා වන වාහන රනාල – මංකඩ හන්දියෙන් කැකුලංවල මාර්ගය හරහා පනාගොඩ 293 මාර්ගයේ පනාගොඩ හන්දියෙන් ගොඩගමට ගොස් හයිලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසට ගමන් කළ හැකියි.

අවිස්සාවෙල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගය භාවිත කළ හැකි බවත් එහි සඳහන්.

මීට අමතර ව 293 පනාගොඩ – හෝමාගම මාර්ගයේ ගමන් කරන වාහන කැකුලංවල මාර්ගය මංකඩ හන්දියෙන් ලෝලෙවල් මාර්ගයට පිවිසිය හැකි වනවා.

අවිස්සාවෙල්ල දෙස සිට කොළඹ දෙසට හා කිරින්දිවෙල දෙස සිට ලෝලෙවල් මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරන වාහන හංවැල්ලන් – සමනල හන්දියෙන් සමනබැද්ද – මල්වාන හරහා කඩුවෙලට ගමන් කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21