ඇමරිකාවෙන් වෙනිසියුලාවට ප්‍රහාර – අගනුවර පිපිරුම් රැසක්

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අද (03) අලුයම මෙම පිපිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්, හමුදා පහසුකම් ඇතුළුව වෙනිසියුලාව තුළ ඇති මර්මස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි එක්සත් ජනපද නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

වෙනිසියුලානු භූමියට එරෙහිව වත්මන් ඇමරිකානු රජය විසින් සිදු කරන ලද අතිශය බරපතල මිලිටරි ආක්‍රමණය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ප්‍රතික්ෂේප කර හෙළාදකින බවයි වෙනිසියුලානු රජය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?