පාකිස්ථානයේ පැවති සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ටෙහෙරානයට පීඩනය යෙදීමට ගත් නවතම පියවර ලෙස එක්සත් ජනපද හමුදාව සඳුදා සිට සියලුම ඉරාන වරායන් අවහිර කරන බව නිවේදනය කර තිබෙනවා.
ඒ, අනුව ඉරාන වරායන් අවහිර කිරීම අද (13) දින පෙරවරු 10ට ආරම්භ වන බවයි එක්සත් ජනපද හමුදාව පවසන්නේ.
ඉරාන වරායන්ට ඇතුළුවන සහ එම වරායන්ගෙන් පිටවන සියලුම නාවික ගමනා ගමනයන් අවහිර කරන බවත්, ඊට සියලුම ජාතීන්ගේ යාත්‍රා ඇතුළත් බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ඊයේ (12) නිවේදනයන කළේ.
කෙසේ වෙතත්, ඉරාන නොවන වරායන් වෙත හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන යාත්‍රා සඳහා නිදහසේ යාත්‍රා කිරීමට බාධා නොකරන බවයි එක්සත් ජනපද හමුදා පවසන්නේ.
මේ අතරට ඉරානය අනතුරු අඟවා ඇත්තේ ඉරානයට ළඟා වන ඕනෑම හමුදා නෞකාවක් සටන් විරාමය උල්ලංඝනය කරන බවයි.













