කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණයන් රටේ නීතියක් බවට පත් කිරීමට රජය සූදානම් බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
එහි දී දැනට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ වැඩි දුරටත් කරුණු සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් ම බදු ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයක් පිළිබඳ ක්‍රිෂ්ණමූර්තිගේ අවධානය යොමු වූ අතර සේමසිංහ අමාත්‍යවරයා කියා සිටියේ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් ලක්ෂ හතරක් පමණ දක්වා අඩු වූ ආදායම් බදු ගොනු සංඛ්‍යාව මිලිනයක් පමණ දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවයි.




